නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජනවාරි මස 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(31) නියම කර තිබේ.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සඳහන් කළේ එම නඩුව ජනවාරි මස 23 දා විභාගයට ගන්නා බවයි.
සාක්ෂිකරුවන් එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා විනිසුරුවරයා විසින් අවවාද කරනු ලැබීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ තිස් නවයකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.



