මහසෝන් බලකායේ ප්රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 3ක් සහ රුපියල් 25,000ක මුදල් ඇප මත මුදා හැරීමට තෙල්දෙනිය මහේස්ත්රාත් ශානක කලන්සූරිය විසින් අද (31) නියේග කළේය.
මහනුවර මහාධිකරණයෙන් ඊයේ (30) නියම කළ ඇප නියේගය මෙලෙස අද ක්රියාත්මක විය.
ඇප පිට නිදහස ලැබුවත් සෑම ඉරු දිනකම ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුවන්ට නියෝග කෙරුණි.
මහනුවර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් මාස 7කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.



