වැසි තත්ත්වයේ වර්ධනයක්

දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින අතර පසුව එය දිවයින දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නැගෙනහිර සහ උතුරු-මැද යන පලාත්වල වැසි තතිත්වයේ වැඩිවීමක් හෙට රාත්‍රියේ සිට ඇතිවිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටිි.

උතුරු,නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

Exit mobile version