ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ වේයන්ගොඩ සහ පොල්ගහවෙල අතර ප්‍රදේශයේ දී දුම්රියක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොට්ටාව සහ හෝමාගම අතර ප්‍රදේශයේදී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇත.



