රටේ සාමය සහ සංහිඳියාව රකින්න ගත යුතු සෑම පියවරක්ම ගන්නවා – ජනපති

රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි.

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනය බවයි.

රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලු ජාතින් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත්විය යුතු බව ද කියා සිටියේ ය.

සංස්කෘතිකාංග රැසකින් ද මෙම සැමරුම් උත්සවය වර්ණවත් වූ අතර ජනාධිපතිතුමා මෙහිදී සියලු හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

Exit mobile version