රනිල් සමඟ දිගටම යන බව මනෝ කියයි

තමා තවදුරටත් එක්සත් ජාතික පෙරමුණ සමග සිටින බවත්, ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලට තමා සම්බන්ධ නොවන බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්විණි. එ් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීය.

ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව තමන් මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත්, පවතින දේශපාලන තත්ත්වය තුළ තමාට සහය දෙන්නැයි ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

 

Exit mobile version