අද රෑ පාර්ලිමේන්තුව විසුරුවයි ? – Video

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමට විඩියෝවක් එක් කරමින් පවසා තිබේ.

එම විඩියෝවේ ඒ මහතා වැඩ්දුරටත් පවසා අැත්තේ “මහින්ද – මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද – මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න.

සමහර විට අද (2018-11-07) රාත්‍රියේම විසුරුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකර හැක්කේ අවුරුදු 4 හමාරකට පසුවයි. ඒ කාලය උදාවෙන්නේ 2020 පෙබරවාරි මාසයේයි. එසේ නැත්නම් පාර්ලිමෙන්තුවේ තුනේන් දෙකක බහුතරයකින් විසුරුවා හැරිය හැකිය. වැරදි දේශපාලන තීරණයක් හරහා රට විනාශයට රැගෙන ගිහින් 14 දා පරාජය වෙන එක වහගන්න නීතිවිරෝධී අංක දෙක කුමන්ත්‍රණයට යනවා. මේකට එරෙහිව කටයුතු කළ යුතුයි.” බවටයි.

Exit mobile version