වෙල්ගම ස්වාධීන වෙයි

තමන් පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් රට බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

කෙසේ නමුත්  පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ඒ මහතා පැවසීය.

සිය ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Exit mobile version