සිංගප්පූරුවේදී තමන් අත්අඩංගුවට ගැණුනු බවට පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව ඉකුත්දා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ මනූෂ නානායක්කාර පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඇතැම් වාර්තාවල දැක්වුණේ සිය පවුලේ සාමාජිකයන් සමග සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේ මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැණුනු බවයි.
ඔහු ළඟ තිබී අමෙරිකානු ඩොලර් විශාල තොගයක් සොයා ගැණුනු බවද එම වාර්තාවල දැක්විණි.
කෙසේවෙතත් මනූෂ නානායක්කාර පැවසුවේ එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.