බදුල්ල – කොළඹ මාර්ගයේ හොරකැටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියක් බස් රථයක් පසුකර යාමට උත්සහ කිරිමේදී යතුරුපැදිය බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ මොරවක, අතුවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.
බලංගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.