තිස්සට රට යන්න අවසර

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෝසමක් මාර්ගයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කරුණු දැක්වූ තිස්ස අත්තනායක මහතාගේ නීතිඥවරයා කියා සිටියේ, තම සේවාදායකයාට සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා මේ මස 17 වනදා සිට 27 දක්වා කාලසීමාව තුළ ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව පවතින බවයි.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම නීතිඥවරයා සිදු කළ ඉල්ලීම සැලකිල්ලට ගත් විනිසුරුවරයා තිස්ස අත්තනායක මහතාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කර තිබේ.

Exit mobile version