සිංගප්පූරු ගිවිසුම අහෝසි කිරීම හරක් වැඩක්

එකවර සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ස්වදේශිකයන්ට පක්ෂපාතී වන රාජ්‍යයන් දෙකටම වාසිදායක වන ආකාරයේ ගිවිසුමක් බවට සිංගප්පූරු ගිවිසුම පරිවර්තනය කර ගැනීමට කටයුතු කරන බව ද ගුණවර්ධන මහතා කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකදීය.

‘‘දැවැන්ත වගකීමන් බාර ඇමැතිවරයා වශයෙන් මං කල්පනා කරන්නේ නෑ යම් යම් දේ අධ්‍යයනයකින් තොරව යම් යම් දේ අහෝසි කරන එක හරියි කියලා. පැන්න ගමන් සම්පූර්ණ ගිවිසුම අහෝසි කරනවා වගේ හරක් වැඩ කරන්න යන්නේ නෑ.‘ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

 

Exit mobile version