නාවලපිටියේ ව්‍යාපාරිකයාගේ නිවසට එල්ල වු මැර ප්‍රහාරය

Share

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්වූ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද(10) අලුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තම නිවසේ ජනේල්වලට, තම මොටර් රථයටත් හා තම නිවසේ නතර කර තිබූ වෙනත් අයෙකුට අයත් ත්‍රීරෝද රථයකටද මෙම මැර පිරිස පහර දී පලා ගිය බවට එම ව්‍යාපාරිකයා පැවසීය.

ඔහු ඒ සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ.

Read more

Local News