ජනපතිගේ තීරණයට එරෙහිව බදියුදීන් නඩු මගට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විසින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට ගත් තීරණයට එරෙහිව ඉදිරියේදී තම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රටේ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වී ඇති නම් එයට පිළියමක් ලෙස ජනාධිපතිවරයා සිදුකල යුතුව තිබුනේ පාර්ලිමේන්තුව රැස්කොට බහුතර මන්ත්‍රී ප්‍රමාණයක් සිටින ආණ්ඩුව ස්ථාපිත කොට තුනෙන් දෙකක කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවීම බව ද එ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයා විසින් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම තම පක්ෂය කිසිසේත් අනුමත නොකරන බවද රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

එයට විරුද්ධව තමා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් මන්ත්‍රීවරුන් සිවුදෙනාගේද කැමැත්ත මත අධිකරණය හමුවට යන බව රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කෙසේ නමුත් නීත්‍යානුකූලව මැතිවරණයක් පැවැත්වෙන කවර අවස්ථාවක වුවද තම පක්ෂය ඒ සදහා මනා සූදානමකින් සිටින බවත් මේ දින කීපයේ මක්කම වන්දනාවේ ගොස් සිටින තමා ඇතුලු තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්න්ත්‍රීවරුන් පස් දෙ හෙට (12) නැවත ලංකාවට පැමිනීමට නියමිතව ඇතිබවරිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසයි.

Read more

Local News