රුවන් කනගාටු වෙයි

පාර්ලිමේන්තුවේ අද සිදුවූ දේ පිළිබඳව කනගාටුවෙන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ අද (15) සිදූවූ සිදුවිම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මගේ රට ගැන විශාල වේදනාවක් ඇතිවෙනවා. එක පැත්තකින් හිතනවා මේ වගේ නායකතයන්ද පාර්ලිමේන්තුවට පත්කරලා මේවගේ හැසිරෙන්නේ කියලා. අද පාර්ලිමේන්තුවේ වුණ සිද්ධිය ගැන කලකීරීමට පත්වෙනවා.

ජනපති කරපු ව්‍යවස්ථා පටහැනි ක්‍රියාවලිය අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි පාර්ලිමේන්තුව රැස්වෙලා බහුතරය පෙන්නුවා. අද වන විටත් මහින්ද රාජපකෂ මහතාත් ජනපතිතුමත් ඒක පිළිගන්නේ නෑ.

ඉදිරි මැතිවරණයෙකදී ඡන්දය ප්‍රකාශ කරද්දී ටිකක් හිතලා බලලා ඡන්දය ප්‍රකාශ කරන්න.”

Exit mobile version