එජාපෙ නියෝජිතයන් හා කථානායක අතර හමුවක්

Share

එක්සත් ජාතික පෙරමුණ නියෝජිතයන් සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (16) රාත්‍රීයේ කතානායක නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

වත්මත් ආණ්ඩුව බල ශුන්‍ය බවත් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරිම සම්බන්ධයෙන් කථානායකවරයා විසින් ජනාධිපතිතුමාට දැනුවත් කරමින් ලිපියක් යොමු කිරිමට කටයුතු කර ඇති බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පැවසීය.

Read more

Local News