මව, පියා ඝාතනයට පුතා සැකපිට අත්අඩංගුවට

Share

ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12 ට පමණ අක්මීමන පොලිස් වසමේ වලහන්දූව ප්‍රදේශයේ දී මව සහ පියා ඝාතනය කිරිමක් සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය හා අපරාධ කොට්ඨාශය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ, කිරින්ද ලියනආරච්චිගේ චන්ද්‍රපාල නැමති වයස අවුරුදු 61 වන වලහන්දූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු 55 ක් වන කොහොඹන්ගේ ප්‍රියන්ති මල්ලිකා නැමති කාන්තාව ද ඝාතනයට ලක්ව තිබේ.

මොවුන් අඹුසැමියන් වන බව වාර්තා වෙයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙම යුවලගේ වයස අවුරුදු 31 වන මානසික ආබාධයකින් පෙලෙන පුතා අක්මීමන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෘත ශරීර අද(19) උදෑසන ඔවුන් පදිංචිව සිටි නිවස පිටුපස වත්තේ කොළරොඩුවලින් වසා තිබිය දී සොයා ගෙන ඇත.

අක්මීමන පොලීසිය මඟින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News