හෙරොයින් සමඟ අක්කා-නගෝ අත්අඩංගුවට

Share

අම්බලන්ගොඩ මුහුදු තීරයේදී හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සැක කටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරික්ෂා කිරිමේදී අදාල කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරුවෙකු ගමන් කර ඇති බව සඳහන් වෙයි.

එහිදී කාන්තාවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 270ක් සහ රුපියල් හාරලක්ෂ 22,600ක මුදලක් පොලීසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි සහෝදරියන් දෙදෙනෙකු බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ත්‍රිරෝද රථයේ රියදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රිරෝද රථයද පොලීසිය බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(21) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News