Home දේශීය පුවත් ප්‍රාර්ථනා බෝධිය යට අලුත උපන් බිලිඳිය

ප්‍රාර්ථනා බෝධිය යට අලුත උපන් බිලිඳිය

0
ප්‍රාර්ථනා බෝධිය යට අලුත උපන් බිලිඳිය

දින 8ක් වයසැති බිළිඳියක් අතහැර දමා යෑමක් පිළිබඳ මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඊයේ (22) සවස 4.05 ට පමණ මීරිගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව මීරිගම දිවුලපිටිය මාර්ගයේ ප්‍රාර්ථනා බෝධිය නැමති පුජා භූමිය තුළ මෙම දරුවා ඇති බවට අනාවරණය වී තිබේ.

මල් සකස් කරන ආසනයක් මත භාරකරුවෙකු නොමැතිව අතහැර දමා ගොස් සිටි මෙම බිළිඳිය මීරිගම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් විසින් සොයා ගෙන තිබේ.

පසුව ඇය මීරිගම රෝහලට ඇතුළත් කර මුලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ගම්පහ රෝහල වෙත යොමු කර තිබේ.

මෙම දැරියගේ භාරකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනිවරණය කර ගැනීම සඳහා මීරිගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර දරුවා සුදුසු භාරකාරත්වයකට පත් කිරීමට අවශ්‍ය නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here