පළාත් කිහිපයකට සවස් කාලයේ තදවැසි

Share

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිරයයි.

උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇති විය හැක අතර උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

Read more

Local News