පස් කන්දක් නිසා තලවාකැළේ – පූඩළුඔය වාහන ගමනා ගමනයට බාධා

Share

තලවාකැළේ – පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැදකුඹුර ප්‍රදේශයේදී විශාල පස් කන්දක් හා ගල් පෙරළීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ.

ඊයේ (23) රාත්‍රියේ මධ්‍යම කඳුකරයට පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම පස් හා ගල් පෙරළීම සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව තලවකැළේ සිට පූඩළුඔය දක්වා ධාවනය කරන රථ වාහනවලට මැදකුඹුර මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News