පකිස්තාන විදේශ ලේකම් ජනපති හමුවෙයි

Share

දෙරට අතර ද්වී පාර්ශ්වික දේශපාලන සාකච්ඡා සමුළුවේ 05 වන වටයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන විදේශ ලේකම්  Tehmina Janjua  මහත්මිය ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ශ්‍රී ලංකා සංචාරය තුළදී පකිස්තාන විදේශ අමාත්‍යවරිය පකිස්තානයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයක් විවෘත කිරීමට ද නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාර්යවසම්, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හස්මාට් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News