මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති වල් නාශක තොගයක් මැදව්චිය නගරයේ වෙළඳසැලක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබේ.
මෙරටට ආනයනය කරන ලද වෙලඳ නාමයක් නොමැති එම වල් නාශක තොගය පොලිස් විශේෂ කාර්ය බලකා සෙට්ටිකුලම් කඳවුරේ නිළධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සොයාගෙන ඇති බව සඳහන් වේ.
වල් නාශක ග්‍රෑම් සියය බැගින් අඩංගු ඇසුරුම් 19ක් අළෙවිය සඳහා සූදානම් කර තිබී ඇති අතර විශේෂ කාර්ය බලකාය විසින් ඒවා සිය භාරයට ගෙන තිබේ.
සිද්ධියට අදාළව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා මැදවච්චිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.