දහයියා වලට මුවා වී තේක්ක අැද්ද 2ක් දැලේ – PHOTOS

Share

ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් විලඔය කරදගොඩ ප්‍රදේශයේ දී දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

සියඹලාණ්ඩුව තුනේ කනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අද (27) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

මෙහිදී ලොරි රථයේ ඉතා සූක්ෂම ලෙස දහයියා තුළ සගවා ප්‍රවාහනය කල තේක්ක දැව කදන් හැත්තෑවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට වැඩි බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 සහ 37 යන වයස් වල පසුවෙයි.

සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News