නිවසක රඳවාගෙන සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් හමුවෙයි

Share

ඉන්දීය කොන්ත‍්‍රාත් සමාගමක් විසින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ ඉන්දීය තරුණයින් පිරිසක් නිසි පහසුකම් නොමැතිව නිවසක රඳවා සිටියදී හමු වී තිබේ.

රැකියා දෙන බව පවසමින් ඔවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබුණත් මාස 02ක් පමණ තිස්සේ රැකියා කළද ඔවුන්ට වැටුප් ගෙවා නොමැති බව වාර්තා වේ.

ආහාර හෝ ජලය ද නිසි ලෙස නොමැතිව තමන් නිවසක රඳවාගෙන සිටින බව ඔවුන් කියා සිටියේය.

හැකි ඉක්මණින් තමන්ව මව් රටට පිටත් කරන ලෙස මෙම ඉන්දීය ජාතිකයින් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

තිස් දෙනෙකු පමණ පිරිසක් මෙලෙස රඳවාගෙන ඇති අතර ඒ ගලේවෙල කටුපොත ප‍්‍රදේශයේ නිවසකයි.

Read more

Local News