ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරයි.
මේ වනවිට වෙළඳපොලේ වාහන අලෙවියේ අඩුවක් ද දක්නට ලැබෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේය.