Home දේශීය පුවත් ජනපති කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි

ජනපති කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි

0
ජනපති කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස කිසිදු පුද්ගලයෙකු සමඟ සාකච්ඡා කිරීමට සුදානම් නොමැති බවත්, සිදු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා යටත් කිරීම පමණක් බවත් ඔහු පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා යටත් කිරීම සඳහා මෙම අරගලය ජනතා විමුක්ති පෙරමුණ ගෙන යන බව ද ඔහු පැවසීය.

එනිසා විජේදාස රාජපක්ෂ මහතා අද දිනයේ දී සභාව අමතමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කථානායකවරයාට මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අනෝන්‍ය සුහත්වයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි නමුත් එවැන්නක් සිදු කර විසඳුම් ලබා ගැනීමට මෙය කිසිසේත් ඕපපාතික තත්ත්වයක් නොව මෙය හිතා මතා සිදුකල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන බව ද කියා සිටියේය.

එනිසා සිදු කල යුතුව ඇත්තේ, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වීම පමණක් බව ද දිසානායක මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here