තමන් 10 වතාවක් අගමැතිකම ප්‍රතික්ශේප කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
හෙතෙම මේ අදහස් ඵල කළේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලුම පාළාත් පාලන නියෝජිතයන් ඊයේ(28) අරලියගහ මන්දිරයට රැස්වූ අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ප්‍රේමදාස මහතා මෙසේද කියා සිටියේය,
”අපේ පක්ෂය ඉතා සමඟිව ඉන්නවා. ඔය කූට උපක්‍රමවලට අපි රැවටෙන්නේ නෑ. මතක තියාගන්න කරු ජයසූරිය මහතා 13න් වතවක් අගමැති කම ප්‍රතික්ෂේප කළා. මේ සජිත් ප්‍රේමදාස 10 වතාවක් අගමැති කම ප්‍රත්ක්ෂේප කළා. මතක තියාගන්න අපි ගහන ගේමක් මේ පක්ෂය තුළ සිටයි ගහන්නේ. එළියට ගිහින් අපි ගේම් ගහන්නේ නෑ.”
මේ අවස්තාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියේය.