පොලිස් නිලධාරීන්ගේ ඝාතනය ගැන CID පරීක්ෂණ අරඹයි

Share

මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අද (01) උදෑසන සිට සිය පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් විසින් ආරම්භ කර ඇති බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කළේය.

වව්නතිව් පොලිස් මුර පොලේ සේවයේ යෙදී සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු පෙරේදා රාත්‍රියේ ඝාතනය කර තිබූ අතර ඊයේ උදෑසන ඔවුන්ගේ මළ සිරුරු පොලිස් මුර පොල ආසන්නයේ තිබී සොයා ගැණුනි.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු 35 හැවිරිදි ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් නිළධාරියා 28 හැවිරිදි කල්මුණ පෙරියනිලාවලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් අතර පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය ඊට සහයෝගය ලබා දෙයි.

කෙසේවෙතත් ඊයේ(30) පස්වරුවේ පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිළධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් එහි තත්ත්වය පිළිබඳ සොයා බැලීය.

 

Read more

Local News