පාඨලී කොකා චාලි සිහිකරමින් මෙෙත්‍රීට අභියෝග කරයි

අපේ හැට දෙලක්ෂයක් ජන්ද අරන් අපිට කොකා චාලි පෙන්නුවේ සිරිසේන මහත්තයා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ,

“අද මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉවරයි. මේ රටේ ආර්ථික බලය ඉවරයි. මේ රට අද රාජපක්ෂලා ණයකාරයෝ බවට පත් කරලා තියෙනවා මිත්‍රවරුනි. ඒක නිසා මතක තියා ගන්න අපි අනාගතයේ ශක්තිමත්ව ඉදිරියට එනවා. ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා අපි කිව්වා අපි ගෙනියන්නේ යුක්තියේ සටනක්, අපි කිව්වා අපි ගෙනියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සටනක්, අපි කිව්වා අපි ගෙනියන්නේ නිදහසේ සටනක්, ඒ සටන පරදින් නෑ මිත්‍රවරුනි. ජයග්‍රාහීව ඉදිරියට යනවා කියලා අපි මහින්ද මහත්තයට කියනවා.

ඒ වගේම අපි උන්නැහේට කියනවා ඔබලාට ගහන්න පුළුවන් ඕනෑම ගේමක් අපිටත් පුළුවන් මහත්තයෝ. එදා කොටිත් එක්ක හිතවත් වෙලා, කතා කර කර කොටියට දොල පිදේනි දිදී බයවෙලා ඉද්දී අපි තමා පෙන්නලා දුන්නේ පරාජය කරන පාර.

ඒ වගේම මිත්‍රවරුනි අපි මේ රටේ අනාගතය ගොඩ නගන්න බොහොම හොඳට වැදගත් විදියට රටේ නිදහස් අධිකරණයක්, නිදහස් මැතිවරණ ක්‍රමයක් ඇති කළා. අපි මැතිවරණ වලට බයද? නෑ අපි මැතිවරණ වලට බය නෑ.

ඒ වගේම පළමුවෙන්ම තියන්න ඕනේ මැතිවරණය වෙන මොකක්වත් නෙවෙයි සිරිසේන මහත්තයෝ ජනාධිපතිවරණයයි. ඒ මොකද මතකයි නේද තංගල්ලේ හිටපු චාලි.මිනිහා තමන්ගේ පැත්ත මාරු කරලා අනිත් පැත්තට ගිහිල්ලා අනිත් පැත්තේ අයට කොකා පෙන්නුවා. එදා ඉදන් මිනිහා කොකා චාලි. අපේ හැට දෙලක්ෂයක් ජන්ද අරන් අපිට කොකා චාලි පෙන්නුවේ සිරිසේන මහත්තයයි. ඒ නිසා අපි සිරිසේන මහත්තයට කියනවා පුළුවන් නම් ලබන ජනවාරි 09කැඳවන්න ජනාධිපතිවරණය අපේ අපේක්ෂකයත් ලෑස්තියි, පෙරමුණත් ලෑස්ති කියලා අපි කියනවා මිත්‍රවරුනි.

ඒ වගේම නිත්‍යානුකුල ආණ්ඩුවක් යටතේ, සාධාරණ මැතිවරණ කොමිසමක් යටතේ මහා මැතිවරණයට එක පාරක් නෙවෙයි දහ පාරක් අපි ලෑස්ති කියන එක අපි මහින්ද මහත්තයට කියනවා.”

Exit mobile version