පස්වන එක්දින තරඟය කඩුලු 9කින් පාකිස්තානයට ජය

Share

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දිවා – රාත්‍රී තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ පස්වන තරඟය හෙවත් අවසාන තරඟය අද (23) සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසිය වාසිය ලබා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 103ක් පමණි. ඒ පන්දු වාර 26ක් හා පන්දු 2කදී ය.

ඒ අනුව 103ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි පාකිස්තාන කණ්ඩායමට එක් ක්‍රිඩකයෙක් පමණක් දැවී එම ඉලක්කයක සපුරා ගැනීමට හැකි විය. ඒ පන්දු වාර 20කදී ය.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ තරඟ 5ම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකි විය.

ඒ අනුව පස්වන එක්දින තරඟය කඩුලු 9කින් පාකිස්තානයට ජය හිමි විය.

පාකිස්තානය වෙනුවෙන් Imam-ul-Haq පන්දු 64කදී ලකුණු 45ක් සහ Faheem Ashraf පන්දු 11කදී 5ක් ලබා නොදැවී ක්‍රිඩා පිටියේ රැදමෙින් පාකිස්තානයට එම ජය වාර්තා කිරීමට හැකි විය.

Read more

Local News