ජනපති විශේෂ සාකච්ඡාවකට එජනිස සියලු දෙනා කොළඹට කැඳවයි

එක්සත් ජනාතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද (11) කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් කළ කැඳවීමකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවකට සහභාගී වීම මෙම පැමිණිමේ අරමුණයි.

රට තුළ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මහා මැැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ඉදිරි මහා මැතිවරණයේදී සන්ධාන ගතව තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණ මේ වන විටත් එකඟතාවකට පැමිණ ඇතත් තරග ලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහාන් කරයි.

Exit mobile version