එජාපයට චන්දිමගෙන් අභියෝගයක්

වත්මන උද්ගත වි තිබෙන දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

ඒ මහතා ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අපි අභියෝග කරනවා එක්සත් ජාතික පක්ෂයට කරුණාකරලා මැතිවරණයකට එකඟ වෙන්න. අපේ අය අත්සන් කරනවා තුනෙන් දෙක ගන්න. මිනිස්සු ඒ අය සමග ඉන්නවානම් ඡන්දයකට එන්න.” ලෙස වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version