නිධන් ගන්න කැණීම් කල 4ක් මාට්ටු

හසලක හතේ ඇළ ප්‍රදේශයේ ඉඩමක නිධන් ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හසලක පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ඔවුන් සතුව තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හසලක සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අද(18) මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version