හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 12ක් පමණ වෙයි.
අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්රෑම් 1ක් පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරු 28 හැවිරිදි මාරවිල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



