ගිනි අවියක් සමඟ 3ක් මාට්ටු

කුරුවිට, ඕවිටිගම ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලෙල්ගොඩ පොහොරබාව මාර්ගයේ මාර්ග බාධක‍යේදී ත්‍රිරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී එහි තිබී ගිනි අවියක් සහ උණ්ඩ 03ක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30,31 සහ 32 යන වයස්වල පසුවන පරකඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.

ඔවුන් අද(24) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුරුවාට පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

Exit mobile version