වවුනියාවේ සිට ත්රිකුණාමලය බලා යමින් තිබූ මෝටර් රථයක් අද(24) දා දහවල් මහදිවුල්වැව වැව් කණ්ඩිය මතින් ඉවතට ධාවනය වී බෝක්කුවක ගැටී පෙරළී යාමෙන් එහි ගමන් ගත් එකම පවුලේ තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.
පවුලේ පිරිසක් උත්සව සමයේ නිවාඩුවකට යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
රියදුරු අධික වෙගයෙන් මෝටර් රථය ධාවනය කර අැති අතර ඔහුට නින්ද යාම හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බව ගෝමරන්කඩවල පොලීසිය පැවසීය.
තුවාලකරුවන් ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කොට තිබේ.
ගෝමරන්කඩවල පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙනයයි.



