පළමු 20-20 තරගය – ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 103යි

Share

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු 20-20 තරග තුනේ ප්‍රථම තරගය අද 26 පැවැත්වේ.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානු කණ්ඩායම ප්‍රථමයනේම ශ්‍රි ලංකා කණ්ඩායම වෙත පන්දුවට පහරදීම සදහා ආරාධනා කල අතර, ශ්‍රි ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි රැස් කර ගත්ත‍ෙ ලකුණු 103ක් පමණයි. ඒ පන්දු වාර 18ක් හා පන්දු 3ක් තුළය.

ශ්‍රි ලංකා කණ්ඩායම ව‍ෙනුවෙන් සධීර සමරවික්‍රම සහ සීකුගේ ප්‍රසන්න ලකුණු 23 බැගින් ලබා ගන්නට විය.

පාකිස්තානු කණ්ඩායම ව‍ෙනුවෙන් හසන් අලී ලකුණු 23ක් තුළ ශ්‍රි ලංකා ක්‍රීඩකයින් තිද‍ෙනෙක් දවා ගැනීමට සමත් විය.

පාකිස්තානු කණ්ඩායමට ලකුණු 104 ක ඉලක්කයක්.

ඒ අනුව 104ක ඉලක්කයක් හඹා යාමට මේ වන විට පාකිස්තානු කණ්ඩායමට පිටියට පැමිණ ඇත. පාකිස්තානය ක්‍රීඩකයින් දෙදෙනෙකු දැවී ලකුණු 18ක් ලබාගන සිටියි.

Read more

Local News