අද(26) උදෑසන ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් අතරින් එක් අයෙක් මෙලෙස මිය ගොස් අැති බවයි පොලිසිය සඳහන් කළේ.
මිය ගොස් ඇත්තේ, වයස 32 ක් වු දිනේෂ් එරංග නැමති, හේනමුල්ල නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි.
තුවාල ලැබූ තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි.
ග්රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



