පාසල් සිසුවකු හා සිසුවියක අද අලුයම අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වන දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇත.
මිය ගිය සිසුවා අනුරාධපුර මාතලේ හන්දිය සමගිපුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අයකු වන අතර සිසුවිය 14 හැවිරිදි වියේ පසුවන මාතර ප්‍රදේශයේ පදිංචි අයකි.
මියගිය සිසුවිය මීට දින කීපයකට පෙර පාසල් නිවාඩුව ගත කිරීමට සිය මිත්තනියගේ නිවසට පැමිණ ඇති අතර මියගිය තරුණයා ඊට යාබද නිවසක පදිංචිව සිට ඇත.