වත්තල, හේකිත්ත හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් හා තරුණියක් මියගොස් තිබේ.
මීගමුව දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගය අසළ නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකාරියන් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පසුපැදිකාරියන් දෙදෙනා මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පොල්හේන්ගොඩ, අන්දරවත්ත මහල් නිවාස සංකීර්ණය ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් හා 12 හැවිරිදි පාසල් සිසුවියක් බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.