ජීව අත්බෝම්බ දෙකක් හමුවෙයි

“එස්.එෆ්.ජී. 87” වර්ගයේ ජීව අත්බෝම්බ දෙකක් අම්බලන්ගොඩ හිරේවත්ත, උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.

වෙරළ තීරයට ගොඩගසා තිබූ බහලුම් දෙකක තිබී අදාළ ජීව අත්බෝම්බ දෙක සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අද(30) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version