නව නාවික හමුදාපතිවරයා පත්කෙරේ

ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ.

ඒ මහතා අද(31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version