අපරාධ කල්ලි සමාජිකයෙක් STF අත්අඩංගුවට

හෙරොයින් සහ ජීව අත් බෝම්බයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හෝමාගම, පනාගොඩ ශ්‍රී මහා බෝධි විහාරය අසල මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරිමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අවුරුදු 33ක් වයසැති අතුරුගිරියේ පදිංචි ඉහලගමගේ දර්ශන නොහොත් “අයි.ඩී.” නැමැති අයෙකි .

ඔහු රත්මලාන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංජු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක් වෙයි.

මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 60 යි මිලිග්‍රෑම් 550 ක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දී ඇත.

ඔහු අද(01) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version