ලොරි-ටිපර් රථ අනතුරකින් අයෙක් මරුට

පොතුහැර පොලිස් වසමේ කොළඹ කුරුණෑගල මාර්ගයේ පරවැවිල ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් අයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.

කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දෙසටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ටිපර් රථයේ පිටුපස ලොරි රථය ගැටී මෙම අනතුර සිදුව තිබේ.

ඊයේ(18) රාත්‍රීයේ සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රිය සහායක කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මරණයට පත් පුද්ගලයා රගහවත්ත, වැලිමඩ ප්‍රදේශයේ පදංචි වයස 28ක් වූ, මීරසික රංගන හේරත් යන අය වෙයි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අැති අතර පොතුහැර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Exit mobile version