නව ව්‍යවස්ථාව ගැන වෙල්ගම කියු දේ

පාර්ලිමේන්තුවට ගෙනඒමට නියමිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ යෝජනාව කිසි දිනක අනුමත නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් පැවසීය.

සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂය සිදු කරන සෑම ක්‍රියාවකම මතුපිටින් පෙනෙන දෙයට වෙනස් දෙයක් ඇතුළතින් තිබෙන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වූ යෝජනාව ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් තිබෙන මතය දැන ගැනීමට බවත් එය උපක්‍රමයක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

Exit mobile version