රාජගිරියේ ගණිකා නිවාසයක් වටලයි

වැලිකඩ පොලිස් වසමේ මාදින්නාගොඩ පාර, රාජගිරිය ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වැලිකඩ පොලීසියෙන් වටලා තිබේ.

‍වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

ගණිකා නිවාස‍යේ කලමනාකරණය කිරීම සහ ගණිකා වෘත්තියේ රැඳී සිටිම සම්බන්ධයෙන් වයස අවුරුදු 32 ක් වු බංගදෙනිය ප්‍රදේශයේ සැකකාරියක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය අද(30) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version