එකට සිටිමු ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

71 වන ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු “එකට සිටිමු“ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පවත්වා තිබේ.

කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී මෙම සමාරම්භක උළෙල පවත්වා තිබේ.

රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අතහැර එක්ව ක්‍රියාකළ යුතු බව තරයේ විශ්වාස කරමින් රට වෙනුවෙන් එකට සිටිමු ක්‍රියාන්විතය බල ගන්වා ඇති අතර ඉදිරියේදී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසා කටයුතු කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

සියලු ශ්‍රී ලාංකිකයින් එක්සත්ව එක්සිත්ව එක්වන බව සපථ කරමින් “එකටසිටිමු“ සංදේශය ප්‍රවින මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාගලමුව මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇති බව සඳහන් වෙයි.

Exit mobile version