අදත් සුළගේ වේගය වැඩියි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද(13) දිනයේදී වැඩිවේ යැයි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා විශේෂයෙන් වයඹ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.

නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version