මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල වාර්තාව අද

කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු මන්නාරම සමූහ මිනිවලෙන් ලබා ගත් අස්ථි සාම්පල වාර්තාව අද(14) ලැබීමට නියමිතයි.

මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ කාබන් පරීක්ෂණයේ දී එහි කාල වකවානු පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බවයි.

මන්නාරම සමූහ මිනී වලෙන් ලබා ගත් නියැදි පසුගිය ජනවාරි මස 23 වනදා අමෙරිකාවේ ෆ්ලෝරිඩාහි කාබන් පරීක්ෂණ රසායනාගාරයක් වෙත යොමු කෙරුණි.

පසුගිය 10 වනදා වන විට මිනීවල තුළින් මිනිස් සිරුරු 315 ක අස්ථි කොටස් මතු කර ගෙන තිබේ.

එම ස්ථානයෙන් එකපිට එක සිටින සේ තිබු අස්ථී කොටස් තොගයක් ද පසුගියදා හමුවු බවයි අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ලැබෙන අස්ථි කොටස් මත සමූහ මිනිවල පැවති සීමාව පුළුල් කිරීමට මේ වනවිට තීරණය කර තිබේ.

ගොඩගත් අස්ථි කොටස් තැන්පත් කර ඇත්තේ මන්නාරම අධිකරණයේ විශේෂිත කුටියකයි.

Exit mobile version